ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම් කරනය කියල කියන්නෙ මොකක්ද,,,, මේක තමයි අපි ගිණුම්කරණය ඉගෙන ගන්න යද්දි ඉස්සෙල්ලම ගුරුවරුන් කියල දෙන්නෙ...ඉතින් අපි බලමු,,,,
"ගිණුම් කරනය යනු ඇල්මක් හා උනන්දුවක් දක්වන පාර්ශව වෙත ආර්ථිකමය තීරණ ගැනීම සඳහා අදාල ගිණුම්කරණ තොරතුරු හඳුනා ගැනීම වර්ග කිරීම සාරාංශ කිරීම හා සන්නිවේදනය ඇතුලත් ක්‍රියාවලියක්.."
ඔන්න ඕක තමයි ගිණුම්කරණය හඳුන්වන්න තියෙන පහසුම විදිය....ගොඩක් දුරට කෙටි ප්‍රශ්න පත්‍රයේ පලවෙනි ප්‍රශ්නය වෙන්නෙත් ඕක...එතකොට ඉතින්
ඕක ඔලුවෙ තියාගෙම ගිහින් ඉර ගහන්න හරි එකටම... ගිණුම්කරණයේ අරමුනත් ඕකම තමයි
ගිණුම්කරණ තොරතුරු
ගිණුම්කරණ තොරතුරු කියන්නෙ ගිණුම්කරණ සඳහා ඇතුලත් කරගන්න පුලුවන් තොරතුරු වලට.... ඉතින් යම් තොරතුරක් ගිණුම්කරණ තොරතුරක් වෙන්න නම් අනිවාරෙන්ම ඒකට මූල්‍යමය වටිනාකමක් තියෙන්න ඕන....නිශ්චිතවම සිදුවෙන්න ඕනෙ.... උදාහරනය විදියට
- 07/6 අමල් විසින් 20,000ක භාන්ඩ තොගයක් මිලට ගත්තා....
- 2/07 නිමල් විසින් ව්‍යාපාරය සඳහා රු 200000ක රථයල් මිලය ගත්තා...
බලන්න මේ දෙකේම මූල්‍යමය වටිනා කමක් තියෙනව,, ඒ වගේම නිශ්චිතව සිදුවෙලා තියෙනව...ඉතින් මේව ගිණුම්කරණ තොරතුරු විදියට ගන්න පුලුවන...
බලන්න මේ ටික
- අමල්ගේ ව්‍යාපාරයේ සේවකයන් 20ක් ඇත...
- කමල්ගේ ව්‍යාපාරයේ දක්ශ කළමනාකරනයක් ඇත...
- සංජීවගේ ආයතයනයේ සුන්දර ගැහැනු ලමයින් සේවය කරයි...
මේවත් ඇත්තටම තොරතුරු නේද.... හැබැයි ගිණුම්කරණ තොරතුරු නෙමෙයි... හේතුව උඩ කිව්ව විදියේ ලක්ශන මේවාට නැති නිසා
ඒ වගේම මෙහෙම එකක් තියෙන්ව...මේක ගොඩක් කෙටි ප්‍රශ්න වලට අහනව...සඵලදායි ගිණුම් කරන තොරතුරක තිබිය යුතු ගුණාත්මක ලක්ෂන කවරේද.....
මෙන්න මේව
- අදාල බව
- විශ්වසනීය භව
- සැසඳිය හැකිය බව
මේකෙන් පලවෙනි දෙක තමයි දැන් ගොඩ දුරට භාවිතා වෙන්නෙ...
කළමනාකරණ ගිණුම්කරණය හා මුල්‍යය ගිණුම්කරණය
ගොඩක් දුරට විභායගට අහනව...ඒ නිසා හොඳට මතක තියාගන්න..මේ ලක්ශන ටික මතක තියාගත්ත නම් හොඳටම ඇති..
මූල්‍යමය ගිණුම්කරණය
- අතීත තොරතුරු පමණක් යොදාගනී
- අභ්‍යන්තර හා බාහිර පාර්ශව වෙත තොරතුරු සපයයි
- නිශ්චිත කාලසීමාවක් සඳහා තොරතුරු සපයයයි
- ගිණුම්කරණ සංකල්ප,නීති රීති අදාල වේ...
කළමනාකරණ ගිණුම්කරණය
- අතීත හා අයවැය හත තොරතුරු පදනම් කරගනියි
- අභ්‍යන්තර පාර්ශව වෙත පමණක් තොරතුරු සපයයි
- කළමනාකරණයේ අවශ්‍යතාවය මත පිළියෙල කරයි
- ගිණුම්කරණ නීති රෙගුලාසි අදාල නොවේ...
මේක වගුවක් විදියට තමයි මේ දෙකේ වෙනස් කම් ලියන්න දුන්නොත් ලියන්න ඕනෙ...
හරි..දැනට ඔයාලට මේ පාඩමෙන් මේ ඇති....පාසලේ පන්තියේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති..ඒත් ඇත්තටම විභාගයට අදාල මෙච්චරයි..ඒ නිසා ඔන්න කෙටියෙන්ම සරලව ඕන ටික මෙතන තියෙනව...ඊළඟ පාඩමෙන් හමුවෙමු...ඕනෑම ගිණුම්කරණය සම්බන්ද ප්‍රශ්නයක් වෙතොත් පහලින් කමෙන්ට් කරන්න....
මේ ටිකෙනුත් ඔයාලට විභායට ලකුනු 6ක් වගෙව් ප්‍රමාණයක් ගන්න පුලුවන්.... ඔයාලට පහලින් ඔන්න විභාගයට එන්න පුලුවන් විදියෙ කීපයක් දාගෙන යන්නම්
1) ගිණුම් කරනයේ අරමුණ
a) තීරන ගන්නා පාර්ශව වෙත තොරතුරු සැපයීමයි
b)තීරන ගන්නා පාර්ශව වෙත ප්‍රමාණාත්මක තොරතුරු සැපයීමයි
C) තීරන ගන්නා පාර්ශව වෙත මූල්‍යමය තොරතුරු සැපයීමයි
d)තීරණ ගන්නා පාර්ශව වෙත ගුණාත්මක තොරතුරු සැපයීමයි
2) ගිණුම්කරණ තොරතුරක තිබිය යුතු ගුණාත්මක ලක්ෂන 2 සඳහන් කරන්න
i............................ ii ...............................
3) ගිණුම්කරණ හා ගිණුම්කරණ නොවන තොරතුරු සඳහා උදාහරන දෙක බැගින් දෙන්න
4) කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍යය ගිණුම්කරණය සසදන්න..