Saturday, November 18, 2017

Accounting equation

ගිණුම්කරණ සමීකරණය


ඔන්න යාලුවනේ අලුත් පාඩමක් අරන් ආව.මෙතෙක් කල් අපි කරෙ ගිණුම්කරණ විෂයේ පීනන්න අවශ්‍යය උපකරන සකස් කරගත්ත එක.මෙතන ඉඳන් තමයි අපි ගිණුම්කරණ විෂයේ දියඹට පීනන හදන්නෙ.....අපි බලමු සරලව මේ පාඩම ඔලුවට දාගන්න...මෙතන ඉඳන් තමයි අපි ගිණුම්කරණය කියන විෂයයේ ගණිතමය පැත්‍ත පටන් ගන්නෙ...

ගිණුම්කරණ සමීකරණය ඉගෙන  ගද්දි මූලිකවම අපිට වැදගත් වෙන සංකල්පය දෙකක් තියෙනව...ඒ තමයි ගිණුම්කරණ ඒකක සංකල්පය  සහ මූල්‍යය මිණුම් සංකල්පය  අපි බලමු මුලින්ම මේ සංකල්ප ගැන  

ගිණුම්කරණ ඒකක සංකල්පය

ගිණුම්කරණ ඒකක සංකල්පය කියල කියන්නෙ මෙහෙම දෙයක්...සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් සහ එහි අයිතිකරු අයිතිකරුගෙ පවුල ආදිය එකක් විදියටනෙ අපි සලකන්නෙ... උදාහරනයක් විදියට ගමක තියෙනව සිල්ලර බඩු කඩයක්....ඒකෙදි අපි ණයට බඩු අරන් ආපහු ගෙවද්දි....සමහරවිට කඩේ මුදලාලි කොහේදි හරි හම්බ උන වෙලාවක උනත් අපි ඒ ණය ගෙවන වෙලාවල් තියෙනව...මුදලාලිගෙ නෝනට කඩේ ණය ගෙවන වෙලාවල් තියෙනව..මොකද අපි සාමාන්‍යෙයන් සලකන්නෙ...එයාලගෙ කඩේ නිසා ඒ හැමෝම එකක් කියල....නමුත්... ගිණුම්කරණයේදී මේක වෙනස්..

ගිණුම්කරණයේදී කියනව ව්‍යාපාරයක් යනු අයිතිකරුගෙන් වෙන්වූ ස්වධීන  ඒකකයක් කියල....
ඒ කියන්නෙ මෙතනදි සලකන්නෙ අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නෙ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්... ඒකෙදි  මුදලාලි කියන්නෙ ව්‍යාපාරයේ එක් පාර්ශවයක් පමනයි... අයිතිකරුගේ පෞද්ගලික දේවල් මෙහෙදී ව්‍යාපාරයට අදාල වෙන්නෙ නෑ... ඒ කියන්නෙ ව්‍යාපාරය වෙනම සහ අයිතිකරු වෙනම කටයුතු කරනවා කියන උපකල්පනය මත තමයි ගිණුම් තැබීම සිදුවන්නේ..උදාහරණයක් විදියට අයිතිකරු ව්‍යාපාරයට යම්කිසි මුදලක් යෙදවුහොත් එය ඔහුට ආපසු ගෙවිය යුතු දෙයක් ලෙසට සලකා ගිණුම් තැබීම සිදු කරනව..ඔන්න ඕකටයි ඒකක සංකල්පය කියල කියන්නෙ  අපිට මේ පාඩමේදී මූලිකවම මේ සංකල්පය ඉතා වැදගත් වෙනව කියනදේ ඔලුවෙ තියාගෙන අපි ඉස්සරහට යමු 

මූල්‍යය මිණුම් සංකල්පය 

මේ සංකල්පයෙන් කියවෙන්නෙ ගිණුම් තැබීම සඳහා යොදාගන්න සියල්ල මුදලින් මනින්න පුලුවන් දේවල් විතරයි....ඒ කියන්නෙ මොකක් හරි ගණුදෙනුවක් සිද්ද වුනොත් ඒක කිසියම් මුදල් ඒකකයකින් මෙච්චරයි කියල අගය කරන්න පුලුවන් නම් විතරයි ගිණුම්කරනය සඳයා යොදාගන්නෙ...

ඉතින් ඔන්න ඔය සංකල්ප දෙක මතක තියාගන්න හොඳට...


අපි බලමු කොහොමද ගිණුම්කරණ සමීකරනය හැදෙන්නෙ කියල



අපි ව්‍යාපාරයක් දිහා බැලුවම ඒකෙ නොයෙක් ජාතියේ වත්කම් දකින්න තියෙනව...... වත්කම් කියල කියන්නෙ ව්‍යාපාරයට පාලනය කරන්න පුලුවන්, ඒවගේම අනාගතයේ ප්‍රතිලාභ ව්‍යාපරයට ලැබෙන දේවල් වලට...ඉතින් අපි බැලුවොත් ව්‍යාපාරයක මේ වගේ වත්කම් විශාල ප්‍රමාණයක් තියෙනව... බඩු තොග,මුදල්, ලී බඩු,  ආදී මේ හැම දෙයක්ම වත්කම් විදියට ගන්න පුලුවන්...මේ හැමදෙයක්ම ව්‍යාපාරයට ලැබුනෙ කොහොමද......  එක්කෝ ව්‍යාපාරයේ අයිති කරු ව්‍යාපාරයට එකතු කලා...එහෙමත්  නැත්තම් වෙනත් කාගෙන් හෝ ව්‍යාපාරයට ලබා ගත්ත....අපි මුලින් කිව්ව වගේ ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නෙ දෙන්නෙක් නිසා පිට අයගෙන් ගත්ත දේවල් වගෙම අයිතිකරු යොදන දේවල්  උනත් ආපහු දෙන්න ව්‍යාපාරය බැඳිල.ඉන්නව.... ඉතින් මේ විදියට ගත්තම ව්‍යාපාරය සතු හැම වත්කමක් එක්කම ඒ  වත්කමේ වටිනාකමෙන් කාට හෝ ආපහු ගෙවන්න ව්‍යාපාරය බැදිල ඉන්නව...මේකට  කියනව වගකීම කියල....   ඒ කියන්නෙ ව්‍යාපාරය සතු වත්කම් ප්‍රමාණයට සමනවම ව්‍යාපාරයට එම වත්කම් වල වටිනාකම ආපසු ගෙවීමේ වගකීමක් තියෙනව..ඒ අනුව
අපිට මූලිකවම 

වත්කම් = වගකීම්

යනුවෙන් සමීකරනයක් ගොඩනගන්න පුලුවන්.... 

මෙහි වගකීම කියන්නෙ අපි ව්‍යාපාරයේ වත්කම් ලබාගැනීම වෙනුවෙන් ආපහු ගෙවීමට තිබුන බැඳීම.... අපි වත්කම් ව්‍යාපාරයට පාර්ශව දෙකකින් ලබාගන්න පුලුවන්...එකක් තමයි ව්‍යාපරයේ අයිතිකරු විසින්....අනෙක් ආකාරය තමයි බාහිර පාර්ශවයකගෙන්...අප විසින් මෙම වත්කම් ලබාගන්නා පාර්ශව දෙක වෙතම ආපසු ගෙවීමේ වගකිමක් ඇතිවෙනව. අනුව වගකීම කොටස් දෙකකට බෙදන්න පුලුවන්...

1.ව්‍යාපාරය විසින් අයිතිකරුවන්ට ඇති වගකීම
2.ව්‍යාපාරය බාහිර පාර්ශව වෙත ඇති වගකීම

ව්‍යාපාරයක අයිතිකරු වෙනුවෙන් ඇති ආපසු ගෙවීමේ බැඳීම  හිමිකම් යනුවෙන් හඳුන්වන අතර බාහිර පාර්ශව වෙත ඇති බැඳීම වගකීම්  ලෙස හඳුන්වනවා..

ඒ අනුව ගිණුම්කරණ සමීකරනය මෙලෙස සකස් කළ හැකියි..

වත්කම්=හිමිකම්+වගකීම්

මෙය පදනම් ගිණුම්කරණ සමීකරණය වම අතර මෙය පදනම් කරගෙන මෙහි ඇති උප කොටස් නිරූපනය කරමින් මෙම.සමීකරණය විහිදුවා සකස් කිරීමටද හැකිය...අපි ඒ පිළිබැඳ ඉදිරියේදී සාකච්චා කරමු.


ගිණුම්කරන සමීකරණයට ගණුදෙනු වල බලපෑම


ව්‍යාපාරය විසින් කරනු ලබන ගනුදෙනු අනුව සමීකරනයේ සංරචකයන් අඩුවැඩිවීම සිදුවේ නමුත් සමස්ත ප්‍රතිපලය ගිණුම්කරන සමීකරනයේ දෙපසම සමාන විය යුතුය.ඒ අනුව යම් ගනුදෙනුවක් සිදුවූ විට 
එය යම් වත්කම් වගකීම් හිමිකම්.යන තුනටම හෝ දෙකකට හෝ එකකට බලපෑම් විය හැකි අතර ගනුදෙනුවේ ප්‍රතිලපලයක් ලෙස මෙහි සමාන ලකුනෙන් දෙපසම සමවිය යුතුය....

ගනුදෙනු කිහිපයක් ගිණුම්කරණ සමීකරනයට බලපාන අයුරු බලමු...

1. අයිතිකරු විසින් ව්‍යාපාරයට රු.100,000ක් මුදල් යෙදවීම...

මෙහි මුදල් යොදනවිට මුදල් නමැති වත්කම ඉහල යන බැවින් සමීකරණයේ වත්කම් 100,000කින් ඉහල යයි...එමෙන්ම මෙය ව්‍යාපාරය විසින් අයිතිකරුට  ගෙවිය යුතු දෙයක් නිසා හිමිකම 100,000කින් ඉහල යයි....එවිට දෙපසටම වන බලපෑම සමාන වේ.

2.ව්‍යාපාරය විසින් 20,000ක බඩු තොගයක් ණයට මිලදී ගැනීම

මෙහි බඩු තොගයක් ව්‍යාපාරයට ලැබෙන බැවින් තොග නම් වත්කම ඉහල යන විට ව්‍යාපාරයේ වත්කම් 20,000කින් ඉහල යයි....මෙය බාහිර පාර්ශවයකට ගෙවිය යුතු බැවින් වගකීම් 20,000කින් ඉහල යයි...දෙපසටම වන බලපෑම සමාන වේ.

3.ව්‍යාපාරය අත්පිට මුදලට 40,000ක ලී බඩු මිලට ගැනීම

මෙහෙ මුදල් ගෙවා මිලට ගන්නා බැවින් මුදල් නම් වත්ක්ම 40,000කින් අඩුවේ...නමුත් බඩු නමැති වත්කක් ව්‍යාපාරයට ලැබෙන බැවින් නැවත වත්කම් 20,000කින් ඉහල යයි..
වත්කම් පැත්ත අඩුවී එම වටිනාකම නැවත වැඩිවන බැවින් සමිකරනයට වන බලපෑම සමාන වේ

4.ව්‍යාපාරය විසින් ණයට මිලදී ගත් භාණඩ සඳහා 10,000ක් ආපසු ගෙවීම.

මෙහි මුදලින් 10,000ක් ගෙවන් බැවින් වත්කම් 10,000ක් අඩුවේ.. එමෙන්ම ණයට මිලදී ගැනීමේදී ව්‍යාපාරයට ඇතිවී තිබූ වගකීමක් නැවත ගෙවන බැවින් එම වගකීම ද 10,000කින් අඩුවේ.වත්කම් සහ වගකීම් සමාන අගයකින් අඩුවන බැවින් සමීකරනයට වන බලපෑම සමානවේ.

5.අයිතිකරු විසින් රු 10,000ක් ව්‍යාපාරයෙන් රැගෙන යාම..

මෙහිදී මුදල් 10,000ක් රැගෙන යන නිසා වත්කම් 10,000කින් අඩුවේ...මෙහි අයිතිකරු මෙම මුදල් රැගෙන යන නිසා ව්‍යාපාරය අයිතිකරුට ගෙවීමට ඇති බැඳීමෙන් මෙම වටිනාකම අඩුකල යුතුය.ඒ අනුව හිමිකම 10,000කින් අඩුවේ... සමීකරනයට වන බලපෑම සමාන වේ...


මේ අයුරින් විවිද ගනුදෙනු ගිණුම්කරණය සමීකරනය කෙරෙහි  බලපාන අයුරු අපට සරලව අවබොද කරගත හැකියි.....

 ගිණුම්කරන සමීකරනය පාඩම මූලික වශයෙන් අපට අවබෝද කරගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් යැයි මා සිතනවා.. ඉදිරියේදී ගිණුම්කරණ සමීකරනය ආශ්‍රිත ප්‍රශ්න සමඟින් පාඩම ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා..... ඉක්මනින් මෙම පාඩමේ දෙවන කොටස ඔබට ලඟා කරන්නම්..

ඉදිරියටත් අප සමඟ එකතුවන්න...ඒ වගෙම මෙම පාඩම් මිතුරන් අතරේ බෙදාහරින්න, අපේ ෆේස්බුක් පිටුවට තව පිරිස් සම්බන්ද කරන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි.. මොකද මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එකෙක් හෝ ඉන්නවනම් ඒක මට වටින නිසා....ඔබට මතුවන ඕනෑම ගැටලුවක් පේජ් එකේ හෝ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න...අනිවාර්‍යයෙන් ඒවා සලකා බලන්න කටයුතු කරන්නම්..
ස්තූතියි.

Friday, November 17, 2017

Accounting procces ii

ගිණුම් කරන ක්‍රියාවලිය ii

අප මීට පෙර පාඩමේදී ගිණුම්කරන ක්‍රියාවලියේ වර්ග කිරිම දක්වා කතා කලා...අද අපි ඉතිරිය කතා කරන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව....

5.සාරාංශ කිරීම

මෙහිදී කරන්නෙ අපි මීට ඉහත පියවරේ දී වර්ග කරගත් ගිණුම් වලට ගණුදෙනු පිටපත් කරල ඒවයේ අවසන් ශේෂයන් භාවිතා කරමින් සාරාංශයක් පිලියෙල කිරීමයි...මෙය ශේෂ පිරික්ෂුම ලෙස හඳුන්වනව....මෙහි සියලු ගිණුම් ඇතුලත් කරන අතර හර සහ බැර දෙපස සමාන වීම අනිවාර්‍ය වේ...එසේ නොවන්නේ නම් ගිණුම් සැකසීමේදී යම් දෝෂ සිදුවි තිබිය හැකි බැවින් ඒ පිලිබඳ අනාවරණය කරගැනීමට ද ශෙෂ පිරික්ෂුම උපකාරී වේ..

6.ඉදිරිපත් කිරීම


මෙහොදී සිදුවන්නේ අප විසින්  මූලික පොත් වල සටහන් කොට ලෙජරයට පිටපත් කර සාරාංශ කරන ලද ගණුදෙනු  තීරන ගන්න පාර්ශව වෙත තීරන ගැනීමට හැකි වන අයුරින් සකසා ඉදිරිපත් කිරීමයි...මේ සඳහා ගිණුම් කරන මූල්‍යය ප්‍රකාශ භාවිතා කරයි....  මෙම මූල්‍යය ප්‍රකාශ සැකසීම සඳහා අප ශේෂ පිරික්ශුම හි සාරාංශ ගත කල ශෙශයන් හා කාලච්ඡේදයට අදාල වෙනත් තොරතුරු භාවිතා කරයි...
මෙසේ ඉදිරිපත් කරන මූල්‍යය ප්‍රකාශයන් පහත පරිදි වේ..

  1. ආදායම් ප්‍රකාශය
  2. මූල්‍යය තත්ත්ව ප්‍රකාශය 
  3. හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශය
  5. ගිණුම් කරන ප්‍රතිපත්තීන් හා සටහන්     
අපට මෙම මූල්‍යය ප්‍රකාශයන් පිළිබඳ ඉදිරි පාඩම් පුරාවට මනා අවබෝධයක් ලබාගත හැකි වන අතර මෙම පාඩමෙහිදී මේවා පිලිබඳ නාමික හැඳින්වීමක් පමණක් බලාපොරොත්තු වේ....


7.විශ්ලේෂනය


මෙහිදී සිදුවන්නේ අප පිළියෙල කල මූල්‍යය ප්‍රකශයන් පදනම්.කරගනිමින් තීරන ගැනීම සඳහා අවශ්‍ය කරන විශ්ලේෂනයක් සිදු කිරීමයි...මෙහිදී ව්‍යාපාරයේ පෙර වර්ශයේ මූල්‍ය්ය ප්‍රකාශයන් සමග සසඳීම,වෙනත් ව්‍යාපාර වල මූල්‍යය ප්‍රකාශයන් සමඟ සැසදීම සිදු කරයි....මේ සඳහා මූල්‍යය ප්‍රකාශ වල තොරතුරු ඇසුරින් ගිණුම්කරණ  අනුපාත පිළියෙල කරයි මේවා 

කාර්‍යය සාධම අනුපාත
ද්‍රවශීලත අනුපාත
තොලන අනුපාත  

යනුවෙන් වර්ග කර සකසනු ලැබෙයි....මේවා පිලිබඳව වෙනම පාඩමක් ඔබට 13 ශ්‍රේණිය සඳහා නියමිතව ඇති බැවින් එහිදී ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකි වනු ඇත ..

සරලව ගතහොත් ගිණුම්කරණ ක්‍රියාවලිය යනු මෙතෙක් මා ඔබට පියවර ලෙස සඳහන් කරන ලද ක්‍රියාව්ලියයි...ඔබට ගිණුම් කරන විශය පුරාවට සිදු කිරීමට ඇත්තේද ඉහද සඳහන් පියවරයන් කිහිපය පමණයි.... බැවින් ඔබට මුලින්ම ඒ පිළිබඳ අදහසක් තබා ගැනීම වැදගත් යැයි මා සිතමව....  ගිණුම් කරන ක්‍රියාවලිය මින් අවසන්..ඔබට ගිණුම් කරන සමීකරණය පාඩම ඉදිරියේදී ආරම්භවේ...
ස්තුතියි...