ගිණුම් කරන ක්‍රියාවලිය ii
අප මීට පෙර පාඩමේදී ගිණුම්කරන ක්‍රියාවලියේ වර්ග කිරිම දක්වා කතා කලා...අද අපි ඉතිරිය කතා කරන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව....
5.සාරාංශ කිරීම
මෙහිදී කරන්නෙ අපි මීට ඉහත පියවරේ දී වර්ග කරගත් ගිණුම් වලට ගණුදෙනු පිටපත් කරල ඒවයේ අවසන් ශේෂයන් භාවිතා කරමින් සාරාංශයක් පිලියෙල කිරීමයි...මෙය ශේෂ පිරික්ෂුම ලෙස හඳුන්වනව....මෙහි සියලු ගිණුම් ඇතුලත් කරන අතර හර සහ බැර දෙපස සමාන වීම අනිවාර්‍ය වේ...එසේ නොවන්නේ නම් ගිණුම් සැකසීමේදී යම් දෝෂ සිදුවි තිබිය හැකි බැවින් ඒ පිලිබඳ අනාවරණය කරගැනීමට ද ශෙෂ පිරික්ෂුම උපකාරී වේ..
6.ඉදිරිපත් කිරීම
මෙහොදී සිදුවන්නේ අප විසින් මූලික පොත් වල සටහන් කොට ලෙජරයට පිටපත් කර සාරාංශ කරන ලද ගණුදෙනු තීරන ගන්න පාර්ශව වෙත තීරන ගැනීමට හැකි වන අයුරින් සකසා ඉදිරිපත් කිරීමයි...මේ සඳහා ගිණුම් කරන මූල්‍යය ප්‍රකාශ භාවිතා කරයි.... මෙම මූල්‍යය ප්‍රකාශ සැකසීම සඳහා අප ශේෂ පිරික්ශුම හි සාරාංශ ගත කල ශෙශයන් හා කාලච්ඡේදයට අදාල වෙනත් තොරතුරු භාවිතා කරයි...
මෙසේ ඉදිරිපත් කරන මූල්‍යය ප්‍රකාශයන් පහත පරිදි වේ..
- ආදායම් ප්‍රකාශය
- මූල්‍යය තත්ත්ව ප්‍රකාශය
- හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
- මුදල් ප්‍රවාහ ප්‍රකාශය
- ගිණුම් කරන ප්‍රතිපත්තීන් හා සටහන්
අපට මෙම මූල්‍යය ප්‍රකාශයන් පිළිබඳ ඉදිරි පාඩම් පුරාවට මනා අවබෝධයක් ලබාගත හැකි වන අතර මෙම පාඩමෙහිදී මේවා පිලිබඳ නාමික හැඳින්වීමක් පමණක් බලාපොරොත්තු වේ....
7.විශ්ලේෂනය
මෙහිදී සිදුවන්නේ අප පිළියෙල කල මූල්‍යය ප්‍රකශයන් පදනම්.කරගනිමින් තීරන ගැනීම සඳහා අවශ්‍ය කරන විශ්ලේෂනයක් සිදු කිරීමයි...මෙහිදී ව්‍යාපාරයේ පෙර වර්ශයේ මූල්‍ය්ය ප්‍රකාශයන් සමග සසඳීම,වෙනත් ව්‍යාපාර වල මූල්‍යය ප්‍රකාශයන් සමඟ සැසදීම සිදු කරයි....මේ සඳහා මූල්‍යය ප්‍රකාශ වල තොරතුරු ඇසුරින් ගිණුම්කරණ අනුපාත පිළියෙල කරයි මේවා
කාර්‍යය සාධම අනුපාත
ද්‍රවශීලත අනුපාත
තොලන අනුපාත
යනුවෙන් වර්ග කර සකසනු ලැබෙයි....මේවා පිලිබඳව වෙනම පාඩමක් ඔබට 13 ශ්‍රේණිය සඳහා නියමිතව ඇති බැවින් එහිදී ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකි වනු ඇත ..
සරලව ගතහොත් ගිණුම්කරණ ක්‍රියාවලිය යනු මෙතෙක් මා ඔබට පියවර ලෙස සඳහන් කරන ලද ක්‍රියාව්ලියයි...ඔබට ගිණුම් කරන විශය පුරාවට සිදු කිරීමට ඇත්තේද ඉහද සඳහන් පියවරයන් කිහිපය පමණයි.... බැවින් ඔබට මුලින්ම ඒ පිළිබඳ අදහසක් තබා ගැනීම වැදගත් යැයි මා සිතමව.... ගිණුම් කරන ක්‍රියාවලිය මින් අවසන්..ඔබට ගිණුම් කරන සමීකරණය පාඩම ඉදිරියේදී ආරම්භවේ...
ස්තුතියි...
No comments:
Post a Comment