ගිණුම්කරණ ක්‍රියාවලිය
ඕනම දෙයක අවසාන ප්‍රතිඵලයල් ලැබෙන්න නම් මොකක් හරි ක්‍රියාවලියකට මූන දෙන්න සිදුවෙනව...මොකක් හරි නිශ්පාදනයක් කරනව නම්...ඒකෙ අමුද්‍රව්‍ය ටික යම් ක්‍රියාවලියකට භාජනය කරාට පස්සෙ තමයි නිමවුමක් ලැබෙන්නෙ...ඉතින් ගිණුම්කරණයේ දිත් එහෙමයි...එකටත් අපි යෙදවුම් එහෙමත් නැත්තම් අමුද්‍රව්‍ය තියෙනව...ගිණුම්කරණය තුල අමුද්‍රව්‍ය ලෙස අපි යොදාගන්නෙ ගිණුම්කරණ තොරතුරු එහෙමත් නැත්තම් ගනුදෙනු හා සිද්ධීන්...මේවා ගිනුම්කරන ක්‍රියාවලියකට භාජනය කරාම අපිට ලැබෙනව ගිනුම්කරන නිමවුම්... ඉතින් මේ සමස්ත ක්‍රියාවලියට අපි කියනව ගිණුම්කරණ ක්‍රියාවලිය (accounting process ) කියල.
පහල සටහන බලන්න...
මේ සටහන බලද්දි ඔයාලට තේරෙයි ගිණුම් කරනක්‍රියාවලිය කියන්නෙ....අමුද්‍ර්‍යව්‍යය ලෙස ගිණුම්කරණ යෙදවිම් යොදගෙන යම් කිසි ක්‍රියාවලියකට ලක් කරල එකෙ ප්‍රති පල ලෙස ගිනුම්කරන නිමවුල් ලබගන්න ක්‍රියාවලියම්...අපි බලමු මොනාද මේ ක්‍රියාවලියෙ ඇතුලෙ තියෙන්නෙ.
- ගිණුම් කරන තොරතුරු එක් රැස් කිරීම හා මැනීම
- වාර්ථා කිරීම
- වර්ග කිරීම
- සාරාංශ කිරීම
- ඉදිරිපත් කිරිම/සන්නිවේදනය
- විශ්ලෙව්ෂණය කිරීම
1.ගිණුම්කරණ තොරතුරු එක්රැස් කිරීම හා මැනීම.
මුලින්ම ගිණුම්කරණ තොරතුරු එක්රැස් කරන්න ඕන.... ඒ කියන්නෙ අපි කරපු ගණුදෙනු හා සිද්දීන් වල වටිනාකම් දිනය ආදි විස්තර ටීක...ඒ සඳහා අපි යොදාගන්න දේවල් වලට කියන්නෙ මූලාශ ලේඛන ලියල.... ඒ කියන්නෙ අපි ගනුදෙනුවක් කලා ලියල තහවුරු කරන්න යොදාගන්න ලියවිලි..
උදා... කඩයකින් යම් භාණ්ඩයක් ගැනීමේදී එයට ගෙවූ මිල දිනය ආදිය සටහන් වූ බිල්පත..... ඒ වගේ අපේ හැම ගනුදෙනුවකටම අදාල මූලාශ්‍ර ලේඛන රැස් කරගන්න ඕන...අපි බලමු විවිධ ගණුදෙනු කීපයකට අදාල මූලාශ්‍ර ලේඛන වෙන්නෙ මොනාද කියල
1) මුදල් ගෙවීම- ගෙවීම් වව්චරය
2) මුදල් ලැබීම- ලදුපත
3)ණයට විකිණීම- විකුණුම් ඉන්වොයිසිය
4) ණයට ගැනීම -ගැනුම් ඉන්වොයිසිය
5) ආපසු ඒවුම්-බැර පත
6) ආපසු යැවුම්- හරපත
7) සුලු මුදල් ගනුදෙනු-සුලු මුදල් වව්චරය
8)ඉහත ගනුදෙනු වලට ඇතුලත් කල නොහැකි වෙනත් ගනුදෙනු- ජ'නල් වව්චරය.
මේ වගේ,ඒ ඒ ගණුදෙනු වලට අදාලව මූලාශ්‍ර ලේඛන අපිට හදුනාගන්න පුලුවන....
මේ විදියට මූලාශ්‍ර ලේඛන යොදාගෙන අපිට ගනුදෙනු හා සිද්දීම් වල තොරතුරු රැස් කරගන්න පුලුවන්... අපිට ඒවගේ වටිනාකම් මනින්නත් පුලුවන්..... ගිනුම්කරන ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි ඒක...
2. වාර්තා කිරීම
මේකෙදි කරන්න අපි මූලාශ්‍ර ලේඛන යොදාගෙන රැස් කරන ලද ගිණුම්කරණ තොරතුරු පොත් වල සටහන් කිරීම.... ඒ සදහා අපි ගනුදෙනු මුලින්ම සටහන් කරන පොත් වලට අපි කියන්නෙ මූලික පොත් කියල. විවිධ ගනුදෙනු සටහන් කරන මූලික පොත් කිහිපයක්ම අපට හදුනාගන්න පුලුවන් ඔබට පහසු විදියට අප භාවිතා කරන විවිද ගනුදෙනු වලට අදාල මූලාශ්‍ර ලේඛන හා ඊට අදාළ මූලික පොත් පහත පිළිවෙලට තියෙනව.
මූලාශ්‍ර ලේඛනය මූලික පොත
1. ලදුපත
2.ගෙවීම් වව්චරය} - මුදල් පොත
3.ගැනුම් ඉන්වොයිසිය - ගැනුම් ජ'නලය
4.විකිණුම් ඉන්වොයිසිය - විකිණුම් ජ'නලය
5. හරපත - ආපසු යැවිම් ජ'නලය
6.බැරපත - ආපසු එවුම් ජ'නලය
7.සුලු මුදල් වවුචරය - සුලු මුදල් පොත
8.ජ'නල් වව්චරය - පොදු ලෙජරය
3. වර්ග කිරීම
ප්‍රදාන වශයෙන් අපිට ලෙජර් ගිණුම් වර්ග 5ක් භාවිතා කරන්න සිදු වෙනව
1.වත්කම්
2.වගකීම්
3.ආදායම්
4.වියදම්
5.හිමිකම්
අපට පිළිබඳව ඉදිරියේදි වඩාත් හොඳින් අවබෝද කරගන්න පුලුවන්. දැනට ඔබට හැඳින්වීමක් පමනයි මෙම පාඩම යටතේ සිදුවන්නෙ... මෙහි රතු අකුරුන් දක්වලා තියෙන දේවල් මතක තබා ගැනීම වැදගත් වෙයි ඉදිරියට.
අපි නැවත ඉදිරි පාඩමකින් ගිණුම් කරන ක්‍රියාවලියේ ඉතිරි කොටස් කතා කරමු...
No comments:
Post a Comment