Accounting equation part 2
ගිණුම්කරන සමීකරනය පාඩම යටතේ ඔබ වෙත මූලික දැනුම ගෙන ඒමට අප ඉහතදී ක්‍රියා කලෙමු.මේ පාඩම තුලින් ඔබට ගිනුම්කරන සමීකරනය ආශ්‍රිත ගැටලු කිහිපයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වේ. අප ඉහත පාඩම තුලදී මූලිකව ගිණුම්කරන සමීකරනය ලෙස
වත්කම් =වගකීම්+ හිමිකම්
ලෙස හදුනාගත්ත...මේ සමීකරනය අපට තවත් පුලුල් කරන්න පුලුවන් මේ වත්කම් වගකීම් සහ හිමිකම් කියන ඒව ඇතුලෙ තියෙන කොටස් එලියට අරගෙන...ඒ කිව්වෙ...වත්කම් ගත්තොත් ඒක ඇතුලෙ තියෙනව ලී බඩු යන්ත්‍ර වගේ ජංගම නොවන වත්කම්,,, තොග නය ගැතියෝ ඉදිරියට කල ගෙවීම් වගේ ජංගම වත්කම් අපිට එලියට ගන්න පුලුවන්... ඒ වගේම වගකීම් කියන කොටස ඇතුලෙත් මේ වගේම විවිධ වූ ජංගම හා ජංගම නොවන වගකීම් එලියට ගන්න පුලුවන්. බැංකු ණය, ණය හිමියෝ, ගෙවිය යුතු විය ආදී වශයෙන්...එතකොට හිමිකම්,,,,
හිමිකම්.කියන්නෙ වියාපාරය විසින් අයිතිකරුට ගෙවිය යුතු දේවල් කියල අපි කලින් කොටසෙදි කිව්වනෙ..එතකොට අයිතිකරුට ගෙවිය යුතු බැඳීම ඇතුලෙ තියෙනව අයිතිකරු යොදවපු ප්‍රාග්ධනය සහ ව්‍යාපාරය විසින් උපයන ලද ලාභ...
ලාබ ටිකත් දෙන්න ඕනනෙ අයිති කරුට... දැන් ඔන්න ඔය විදියට උඩින් කිව්ව මූලික සමීකරනය ඇතුලෙ තියෙන කොටස් ටිකත් අරන් අපිට පුලුවන් එක එක විදියට ගිණුම්කරන සමීකරනය හදාගන්න.. මෙන්න මේ වගේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbGqeX8Wv1djIj2JIjTMDqwvJ_T0ST2qOwx_h-jcKSSUb1G1gGq7M_DlntsGueKkYJyEFl2slRrinoru69pk2Mvs_4vP6HVz1uTuyiklJxpBkS6CmgfsIJn9BAksy2BO5DyPTwhWezkb0/s400/20180723_181410.png)
අපි යමු ගානකට.
නිමල් මහතා විසින් 2018.04.01 දින තම ඉඩමක් විකුනා ලබාගත් 100,000ක මුදලින් අඩක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරයි.
ජංගම වත්කම්+ජංගම නොවන වත්කම්= wagakeem+himikam
ඉහත සමීකරනය භාවිතා කර 2018.04 වන මාසය සදහා අදාලව පහත ගණුදෙනු ඇතුලත් කරන්න.
1) 04.01 ව්‍යාපාරය සදහා මසකට රු. 5000ක කුලියට ගොඩනැගිල්ලක් කුලියට ගත් අතර ඒ සදහා මාස 3ක කුලිය ගෙව්වා.
2) 04.2 නිමල් මහතා විසින් අමල් නම් තොග ව්‍යාපාරිකයාගෙන් 50000ක් වටිනා බඩු තොගයක් ලබාගත්තා. ඒ සදහා 20,000ක මුදලක්ගෙවන ලදී...
3)04.03 ව්‍යාපාරය 20,000ක් වටිනා බඩු තොගයක් 45000කට අත්පිට මුදලට විකුණන ලදී.
4) 04.5 දින අමල් මහතාට රු. 20000ක් ණය පියවීම සදහා ගෙවන ලදී
5) 4.7 නිමල් මහතා විසින් මහජන බැංකුවෙන් රු 100,000ක ණය මුදලක් ලබාගත් අතර ඉන් 40,000ක ලී බඩු මිලට ගත්තා
06) 04.16 ව්‍යාපාරය විසින් 10,000ක් වටිනා බඩු තොගයක් 35000කට විකිණූ අතර මුදල් ඊලග මස තුල ලබාදීමට ගැනුම්කරු එකඟ විය
7) 04.20 දින නිමල් පහතාගේ නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා ව්‍යාපාරයේ මුදල් රු 5000ක් ගෙවන ලදී
8) 04.21 දින ව්‍යාපාරය විසින් අමරගෙන් 50,000ක් වටිනා බඩු තොගයක් ණයට ගත් අතර එය මේ මස තුලදී ගෙවන්නේ නම් 10,000ක වට්ටමක් ලබා දීමට අමර එකඟ විය.
9) 04.25 දින ව්‍යාපාරය 30,000ක බඩු තොගයක් 54000කට අත්පිට විකුණූ අතර එදින්ම අමරගෙව් ණය මුදල සම්පූණයෙන්ම පියවීමට කටයුතු කලේය.
ඔන්න ඔය ටික දාල හදන්නකෝ සමීකරනයට.... ගැටලු වෙතිත් පේජ් එකේ කමෙන්ට් කරන්න.. ඉ
දිරියේ මේ පාඩමේ තවත් ගැටලු කිහිපයක් ඉදිරිපත් කිරීමට සහ මෙම ගැටලුව සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනව..
No comments:
Post a Comment