Saturday, November 18, 2017

Accounting equation

ගිණුම්කරණ සමීකරණය


ඔන්න යාලුවනේ අලුත් පාඩමක් අරන් ආව.මෙතෙක් කල් අපි කරෙ ගිණුම්කරණ විෂයේ පීනන්න අවශ්‍යය උපකරන සකස් කරගත්ත එක.මෙතන ඉඳන් තමයි අපි ගිණුම්කරණ විෂයේ දියඹට පීනන හදන්නෙ.....අපි බලමු සරලව මේ පාඩම ඔලුවට දාගන්න...මෙතන ඉඳන් තමයි අපි ගිණුම්කරණය කියන විෂයයේ ගණිතමය පැත්‍ත පටන් ගන්නෙ...

ගිණුම්කරණ සමීකරණය ඉගෙන  ගද්දි මූලිකවම අපිට වැදගත් වෙන සංකල්පය දෙකක් තියෙනව...ඒ තමයි ගිණුම්කරණ ඒකක සංකල්පය  සහ මූල්‍යය මිණුම් සංකල්පය  අපි බලමු මුලින්ම මේ සංකල්ප ගැන  

ගිණුම්කරණ ඒකක සංකල්පය

ගිණුම්කරණ ඒකක සංකල්පය කියල කියන්නෙ මෙහෙම දෙයක්...සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් සහ එහි අයිතිකරු අයිතිකරුගෙ පවුල ආදිය එකක් විදියටනෙ අපි සලකන්නෙ... උදාහරනයක් විදියට ගමක තියෙනව සිල්ලර බඩු කඩයක්....ඒකෙදි අපි ණයට බඩු අරන් ආපහු ගෙවද්දි....සමහරවිට කඩේ මුදලාලි කොහේදි හරි හම්බ උන වෙලාවක උනත් අපි ඒ ණය ගෙවන වෙලාවල් තියෙනව...මුදලාලිගෙ නෝනට කඩේ ණය ගෙවන වෙලාවල් තියෙනව..මොකද අපි සාමාන්‍යෙයන් සලකන්නෙ...එයාලගෙ කඩේ නිසා ඒ හැමෝම එකක් කියල....නමුත්... ගිණුම්කරණයේදී මේක වෙනස්..

ගිණුම්කරණයේදී කියනව ව්‍යාපාරයක් යනු අයිතිකරුගෙන් වෙන්වූ ස්වධීන  ඒකකයක් කියල....
ඒ කියන්නෙ මෙතනදි සලකන්නෙ අයිතිකරු සහ ව්‍යාපාරය කියන්නෙ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්... ඒකෙදි  මුදලාලි කියන්නෙ ව්‍යාපාරයේ එක් පාර්ශවයක් පමනයි... අයිතිකරුගේ පෞද්ගලික දේවල් මෙහෙදී ව්‍යාපාරයට අදාල වෙන්නෙ නෑ... ඒ කියන්නෙ ව්‍යාපාරය වෙනම සහ අයිතිකරු වෙනම කටයුතු කරනවා කියන උපකල්පනය මත තමයි ගිණුම් තැබීම සිදුවන්නේ..උදාහරණයක් විදියට අයිතිකරු ව්‍යාපාරයට යම්කිසි මුදලක් යෙදවුහොත් එය ඔහුට ආපසු ගෙවිය යුතු දෙයක් ලෙසට සලකා ගිණුම් තැබීම සිදු කරනව..ඔන්න ඕකටයි ඒකක සංකල්පය කියල කියන්නෙ  අපිට මේ පාඩමේදී මූලිකවම මේ සංකල්පය ඉතා වැදගත් වෙනව කියනදේ ඔලුවෙ තියාගෙන අපි ඉස්සරහට යමු 

මූල්‍යය මිණුම් සංකල්පය 

මේ සංකල්පයෙන් කියවෙන්නෙ ගිණුම් තැබීම සඳහා යොදාගන්න සියල්ල මුදලින් මනින්න පුලුවන් දේවල් විතරයි....ඒ කියන්නෙ මොකක් හරි ගණුදෙනුවක් සිද්ද වුනොත් ඒක කිසියම් මුදල් ඒකකයකින් මෙච්චරයි කියල අගය කරන්න පුලුවන් නම් විතරයි ගිණුම්කරනය සඳයා යොදාගන්නෙ...

ඉතින් ඔන්න ඔය සංකල්ප දෙක මතක තියාගන්න හොඳට...


අපි බලමු කොහොමද ගිණුම්කරණ සමීකරනය හැදෙන්නෙ කියල



අපි ව්‍යාපාරයක් දිහා බැලුවම ඒකෙ නොයෙක් ජාතියේ වත්කම් දකින්න තියෙනව...... වත්කම් කියල කියන්නෙ ව්‍යාපාරයට පාලනය කරන්න පුලුවන්, ඒවගේම අනාගතයේ ප්‍රතිලාභ ව්‍යාපරයට ලැබෙන දේවල් වලට...ඉතින් අපි බැලුවොත් ව්‍යාපාරයක මේ වගේ වත්කම් විශාල ප්‍රමාණයක් තියෙනව... බඩු තොග,මුදල්, ලී බඩු,  ආදී මේ හැම දෙයක්ම වත්කම් විදියට ගන්න පුලුවන්...මේ හැමදෙයක්ම ව්‍යාපාරයට ලැබුනෙ කොහොමද......  එක්කෝ ව්‍යාපාරයේ අයිති කරු ව්‍යාපාරයට එකතු කලා...එහෙමත්  නැත්තම් වෙනත් කාගෙන් හෝ ව්‍යාපාරයට ලබා ගත්ත....අපි මුලින් කිව්ව වගේ ව්‍යාපාරය සහ අයිතිකරු කියන්නෙ දෙන්නෙක් නිසා පිට අයගෙන් ගත්ත දේවල් වගෙම අයිතිකරු යොදන දේවල්  උනත් ආපහු දෙන්න ව්‍යාපාරය බැඳිල.ඉන්නව.... ඉතින් මේ විදියට ගත්තම ව්‍යාපාරය සතු හැම වත්කමක් එක්කම ඒ  වත්කමේ වටිනාකමෙන් කාට හෝ ආපහු ගෙවන්න ව්‍යාපාරය බැදිල ඉන්නව...මේකට  කියනව වගකීම කියල....   ඒ කියන්නෙ ව්‍යාපාරය සතු වත්කම් ප්‍රමාණයට සමනවම ව්‍යාපාරයට එම වත්කම් වල වටිනාකම ආපසු ගෙවීමේ වගකීමක් තියෙනව..ඒ අනුව
අපිට මූලිකවම 

වත්කම් = වගකීම්

යනුවෙන් සමීකරනයක් ගොඩනගන්න පුලුවන්.... 

මෙහි වගකීම කියන්නෙ අපි ව්‍යාපාරයේ වත්කම් ලබාගැනීම වෙනුවෙන් ආපහු ගෙවීමට තිබුන බැඳීම.... අපි වත්කම් ව්‍යාපාරයට පාර්ශව දෙකකින් ලබාගන්න පුලුවන්...එකක් තමයි ව්‍යාපරයේ අයිතිකරු විසින්....අනෙක් ආකාරය තමයි බාහිර පාර්ශවයකගෙන්...අප විසින් මෙම වත්කම් ලබාගන්නා පාර්ශව දෙක වෙතම ආපසු ගෙවීමේ වගකිමක් ඇතිවෙනව. අනුව වගකීම කොටස් දෙකකට බෙදන්න පුලුවන්...

1.ව්‍යාපාරය විසින් අයිතිකරුවන්ට ඇති වගකීම
2.ව්‍යාපාරය බාහිර පාර්ශව වෙත ඇති වගකීම

ව්‍යාපාරයක අයිතිකරු වෙනුවෙන් ඇති ආපසු ගෙවීමේ බැඳීම  හිමිකම් යනුවෙන් හඳුන්වන අතර බාහිර පාර්ශව වෙත ඇති බැඳීම වගකීම්  ලෙස හඳුන්වනවා..

ඒ අනුව ගිණුම්කරණ සමීකරනය මෙලෙස සකස් කළ හැකියි..

වත්කම්=හිමිකම්+වගකීම්

මෙය පදනම් ගිණුම්කරණ සමීකරණය වම අතර මෙය පදනම් කරගෙන මෙහි ඇති උප කොටස් නිරූපනය කරමින් මෙම.සමීකරණය විහිදුවා සකස් කිරීමටද හැකිය...අපි ඒ පිළිබැඳ ඉදිරියේදී සාකච්චා කරමු.


ගිණුම්කරන සමීකරණයට ගණුදෙනු වල බලපෑම


ව්‍යාපාරය විසින් කරනු ලබන ගනුදෙනු අනුව සමීකරනයේ සංරචකයන් අඩුවැඩිවීම සිදුවේ නමුත් සමස්ත ප්‍රතිපලය ගිණුම්කරන සමීකරනයේ දෙපසම සමාන විය යුතුය.ඒ අනුව යම් ගනුදෙනුවක් සිදුවූ විට 
එය යම් වත්කම් වගකීම් හිමිකම්.යන තුනටම හෝ දෙකකට හෝ එකකට බලපෑම් විය හැකි අතර ගනුදෙනුවේ ප්‍රතිලපලයක් ලෙස මෙහි සමාන ලකුනෙන් දෙපසම සමවිය යුතුය....

ගනුදෙනු කිහිපයක් ගිණුම්කරණ සමීකරනයට බලපාන අයුරු බලමු...

1. අයිතිකරු විසින් ව්‍යාපාරයට රු.100,000ක් මුදල් යෙදවීම...

මෙහි මුදල් යොදනවිට මුදල් නමැති වත්කම ඉහල යන බැවින් සමීකරණයේ වත්කම් 100,000කින් ඉහල යයි...එමෙන්ම මෙය ව්‍යාපාරය විසින් අයිතිකරුට  ගෙවිය යුතු දෙයක් නිසා හිමිකම 100,000කින් ඉහල යයි....එවිට දෙපසටම වන බලපෑම සමාන වේ.

2.ව්‍යාපාරය විසින් 20,000ක බඩු තොගයක් ණයට මිලදී ගැනීම

මෙහි බඩු තොගයක් ව්‍යාපාරයට ලැබෙන බැවින් තොග නම් වත්කම ඉහල යන විට ව්‍යාපාරයේ වත්කම් 20,000කින් ඉහල යයි....මෙය බාහිර පාර්ශවයකට ගෙවිය යුතු බැවින් වගකීම් 20,000කින් ඉහල යයි...දෙපසටම වන බලපෑම සමාන වේ.

3.ව්‍යාපාරය අත්පිට මුදලට 40,000ක ලී බඩු මිලට ගැනීම

මෙහෙ මුදල් ගෙවා මිලට ගන්නා බැවින් මුදල් නම් වත්ක්ම 40,000කින් අඩුවේ...නමුත් බඩු නමැති වත්කක් ව්‍යාපාරයට ලැබෙන බැවින් නැවත වත්කම් 20,000කින් ඉහල යයි..
වත්කම් පැත්ත අඩුවී එම වටිනාකම නැවත වැඩිවන බැවින් සමිකරනයට වන බලපෑම සමාන වේ

4.ව්‍යාපාරය විසින් ණයට මිලදී ගත් භාණඩ සඳහා 10,000ක් ආපසු ගෙවීම.

මෙහි මුදලින් 10,000ක් ගෙවන් බැවින් වත්කම් 10,000ක් අඩුවේ.. එමෙන්ම ණයට මිලදී ගැනීමේදී ව්‍යාපාරයට ඇතිවී තිබූ වගකීමක් නැවත ගෙවන බැවින් එම වගකීම ද 10,000කින් අඩුවේ.වත්කම් සහ වගකීම් සමාන අගයකින් අඩුවන බැවින් සමීකරනයට වන බලපෑම සමානවේ.

5.අයිතිකරු විසින් රු 10,000ක් ව්‍යාපාරයෙන් රැගෙන යාම..

මෙහිදී මුදල් 10,000ක් රැගෙන යන නිසා වත්කම් 10,000කින් අඩුවේ...මෙහි අයිතිකරු මෙම මුදල් රැගෙන යන නිසා ව්‍යාපාරය අයිතිකරුට ගෙවීමට ඇති බැඳීමෙන් මෙම වටිනාකම අඩුකල යුතුය.ඒ අනුව හිමිකම 10,000කින් අඩුවේ... සමීකරනයට වන බලපෑම සමාන වේ...


මේ අයුරින් විවිද ගනුදෙනු ගිණුම්කරණය සමීකරනය කෙරෙහි  බලපාන අයුරු අපට සරලව අවබොද කරගත හැකියි.....

 ගිණුම්කරන සමීකරනය පාඩම මූලික වශයෙන් අපට අවබෝද කරගැනීමට මෙම කරුණු ප්‍රමාණවත් යැයි මා සිතනවා.. ඉදිරියේදී ගිණුම්කරණ සමීකරනය ආශ්‍රිත ප්‍රශ්න සමඟින් පාඩම ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා..... ඉක්මනින් මෙම පාඩමේ දෙවන කොටස ඔබට ලඟා කරන්නම්..

ඉදිරියටත් අප සමඟ එකතුවන්න...ඒ වගෙම මෙම පාඩම් මිතුරන් අතරේ බෙදාහරින්න, අපේ ෆේස්බුක් පිටුවට තව පිරිස් සම්බන්ද කරන්න කියන ඉල්ලීමත් කරන්න කැමතියි.. මොකද මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එකෙක් හෝ ඉන්නවනම් ඒක මට වටින නිසා....ඔබට මතුවන ඕනෑම ගැටලුවක් පේජ් එකේ හෝ බ්ලොග් එකේ කමෙන්ට් කරන්න...අනිවාර්‍යයෙන් ඒවා සලකා බලන්න කටයුතු කරන්නම්..
ස්තූතියි.

Friday, November 17, 2017

Accounting procces ii

ගිණුම් කරන ක්‍රියාවලිය ii

අප මීට පෙර පාඩමේදී ගිණුම්කරන ක්‍රියාවලියේ වර්ග කිරිම දක්වා කතා කලා...අද අපි ඉතිරිය කතා කරන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව....

5.සාරාංශ කිරීම

මෙහිදී කරන්නෙ අපි මීට ඉහත පියවරේ දී වර්ග කරගත් ගිණුම් වලට ගණුදෙනු පිටපත් කරල ඒවයේ අවසන් ශේෂයන් භාවිතා කරමින් සාරාංශයක් පිලියෙල කිරීමයි...මෙය ශේෂ පිරික්ෂුම ලෙස හඳුන්වනව....මෙහි සියලු ගිණුම් ඇතුලත් කරන අතර හර සහ බැර දෙපස සමාන වීම අනිවාර්‍ය වේ...එසේ නොවන්නේ නම් ගිණුම් සැකසීමේදී යම් දෝෂ සිදුවි තිබිය හැකි බැවින් ඒ පිලිබඳ අනාවරණය කරගැනීමට ද ශෙෂ පිරික්ෂුම උපකාරී වේ..

6.ඉදිරිපත් කිරීම


මෙහොදී සිදුවන්නේ අප විසින්  මූලික පොත් වල සටහන් කොට ලෙජරයට පිටපත් කර සාරාංශ කරන ලද ගණුදෙනු  තීරන ගන්න පාර්ශව වෙත තීරන ගැනීමට හැකි වන අයුරින් සකසා ඉදිරිපත් කිරීමයි...මේ සඳහා ගිණුම් කරන මූල්‍යය ප්‍රකාශ භාවිතා කරයි....  මෙම මූල්‍යය ප්‍රකාශ සැකසීම සඳහා අප ශේෂ පිරික්ශුම හි සාරාංශ ගත කල ශෙශයන් හා කාලච්ඡේදයට අදාල වෙනත් තොරතුරු භාවිතා කරයි...
මෙසේ ඉදිරිපත් කරන මූල්‍යය ප්‍රකාශයන් පහත පරිදි වේ..

  1. ආදායම් ප්‍රකාශය
  2. මූල්‍යය තත්ත්ව ප්‍රකාශය 
  3. හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය
  4. මුදල් ප්‍රවාහ ප්‍රකාශය
  5. ගිණුම් කරන ප්‍රතිපත්තීන් හා සටහන්     
අපට මෙම මූල්‍යය ප්‍රකාශයන් පිළිබඳ ඉදිරි පාඩම් පුරාවට මනා අවබෝධයක් ලබාගත හැකි වන අතර මෙම පාඩමෙහිදී මේවා පිලිබඳ නාමික හැඳින්වීමක් පමණක් බලාපොරොත්තු වේ....


7.විශ්ලේෂනය


මෙහිදී සිදුවන්නේ අප පිළියෙල කල මූල්‍යය ප්‍රකශයන් පදනම්.කරගනිමින් තීරන ගැනීම සඳහා අවශ්‍ය කරන විශ්ලේෂනයක් සිදු කිරීමයි...මෙහිදී ව්‍යාපාරයේ පෙර වර්ශයේ මූල්‍ය්ය ප්‍රකාශයන් සමග සසඳීම,වෙනත් ව්‍යාපාර වල මූල්‍යය ප්‍රකාශයන් සමඟ සැසදීම සිදු කරයි....මේ සඳහා මූල්‍යය ප්‍රකාශ වල තොරතුරු ඇසුරින් ගිණුම්කරණ  අනුපාත පිළියෙල කරයි මේවා 

කාර්‍යය සාධම අනුපාත
ද්‍රවශීලත අනුපාත
තොලන අනුපාත  

යනුවෙන් වර්ග කර සකසනු ලැබෙයි....මේවා පිලිබඳව වෙනම පාඩමක් ඔබට 13 ශ්‍රේණිය සඳහා නියමිතව ඇති බැවින් එහිදී ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට හැකි වනු ඇත ..

සරලව ගතහොත් ගිණුම්කරණ ක්‍රියාවලිය යනු මෙතෙක් මා ඔබට පියවර ලෙස සඳහන් කරන ලද ක්‍රියාව්ලියයි...ඔබට ගිණුම් කරන විශය පුරාවට සිදු කිරීමට ඇත්තේද ඉහද සඳහන් පියවරයන් කිහිපය පමණයි.... බැවින් ඔබට මුලින්ම ඒ පිළිබඳ අදහසක් තබා ගැනීම වැදගත් යැයි මා සිතමව....  ගිණුම් කරන ක්‍රියාවලිය මින් අවසන්..ඔබට ගිණුම් කරන සමීකරණය පාඩම ඉදිරියේදී ආරම්භවේ...
ස්තුතියි...

Sunday, October 15, 2017

Accounting process

ගිණුම්කරණ ක්‍රියාවලිය

ඕනම දෙයක අවසාන ප්‍රතිඵලයල් ලැබෙන්න නම් මොකක් හරි ක්‍රියාවලියකට මූන දෙන්න සිදුවෙනව...මොකක් හරි නිශ්පාදනයක් කරනව නම්...ඒකෙ අමුද්‍රව්‍ය ටික  යම් ක්‍රියාවලියකට භාජනය කරාට පස්සෙ තමයි නිමවුමක් ලැබෙන්නෙ...ඉතින් ගිණුම්කරණයේ දිත් එහෙමයි...එකටත් අපි යෙදවුම් එහෙමත් නැත්තම් අමුද්‍රව්‍ය  තියෙනව...ගිණුම්කරණය තුල අමුද්‍රව්‍ය ලෙස අපි යොදාගන්නෙ ගිණුම්කරණ තොරතුරු එහෙමත් නැත්තම් ගනුදෙනු හා සිද්ධීන්...මේවා ගිනුම්කරන ක්‍රියාවලියකට භාජනය කරාම අපිට ලැබෙනව ගිනුම්කරන  නිමවුම්... ඉතින් මේ සමස්ත ක්‍රියාවලියට අපි කියනව ගිණුම්කරණ ක්‍රියාවලිය (accounting process ) කියල.

පහල සටහන බලන්න...

   









මේ සටහන බලද්දි ඔයාලට තේරෙයි ගිණුම් කරනක්‍රියාවලිය කියන්නෙ....අමුද්‍ර්‍යව්‍යය ලෙස ගිණුම්කරණ යෙදවිම් යොදගෙන යම් කිසි ක්‍රියාවලියකට ලක් කරල එකෙ ප්‍රති පල ලෙස ගිනුම්කරන නිමවුල් ලබගන්න ක්‍රියාවලියම්...අපි බලමු මොනාද මේ ක්‍රියාවලියෙ ඇතුලෙ තියෙන්නෙ. 


  1. ගිණුම් කරන තොරතුරු එක් රැස් කිරීම හා මැනීම
  2. වාර්ථා කිරීම
  3. වර්ග කිරීම
  4. සාරාංශ කිරීම
  5. ඉදිරිපත් කිරිම/සන්නිවේදනය
  6. විශ්ලෙව්ෂණය කිරීම

1.ගිණුම්කරණ තොරතුරු එක්රැස් කිරීම හා මැනීම.


 මුලින්ම ගිණුම්කරණ තොරතුරු එක්රැස් කරන්න ඕන.... ඒ  කියන්නෙ අපි කරපු ගණුදෙනු හා සිද්දීන්  වල වටිනාකම් දිනය ආදි විස්තර ටීක...ඒ සඳහා අපි යොදාගන්න දේවල් වලට කියන්නෙ මූලාශ ලේඛන ලියල.... ඒ කියන්නෙ අපි ගනුදෙනුවක් කලා ලියල තහවුරු කරන්න යොදාගන්න ලියවිලි..
උදා... කඩයකින් යම් භාණ්ඩයක් ගැනීමේදී එයට ගෙවූ මිල දිනය ආදිය  සටහන් වූ බිල්පත.....     ඒ වගේ අපේ හැම ගනුදෙනුවකටම අදාල  මූලාශ්‍ර ලේඛන රැස් කරගන්න ඕන...අපි බලමු විවිධ ගණුදෙනු කීපයකට අදාල මූලාශ්‍ර ලේඛන වෙන්නෙ මොනාද කියල

1) මුදල් ගෙවීම- ගෙවීම් වව්චරය
2) මුදල් ලැබීම- ලදුපත
3)ණයට විකිණීම- විකුණුම්  ඉන්වොයිසිය
4) ණයට ගැනීම -ගැනුම් ඉන්වොයිසිය
5) ආපසු ඒවුම්-බැර පත
6) ආපසු යැවුම්- හරපත
7) සුලු මුදල් ගනුදෙනු-සුලු මුදල් වව්චරය
8)ඉහත  ගනුදෙනු වලට ඇතුලත් කල නොහැකි වෙනත් ගනුදෙනු- ජ'නල් වව්චරය.

මේ වගේ,ඒ ඒ ගණුදෙනු වලට අදාලව මූලාශ්‍ර ලේඛන අපිට හදුනාගන්න පුලුවන....

මේ විදියට මූලාශ්‍ර ලේඛන යොදාගෙන අපිට ගනුදෙනු හා සිද්දීම් වල තොරතුරු රැස් කරගන්න පුලුවන්... අපිට ඒවගේ වටිනාකම් මනින්නත් පුලුවන්..... ගිනුම්කරන ක්‍රියාවලියේ පළවෙනි පියවර තමයි ඒක...

2. වාර්තා කිරීම

මේකෙදි කරන්න අපි මූලාශ්‍ර ලේඛන යොදාගෙන රැස් කරන ලද ගිණුම්කරණ තොරතුරු පොත් වල සටහන් කිරීම.... ඒ සදහා අපි ගනුදෙනු මුලින්ම සටහන් කරන පොත් වලට අපි කියන්නෙ මූලික පොත් කියල.  විවිධ ගනුදෙනු සටහන් කරන මූලික පොත් කිහිපයක්ම අපට හදුනාගන්න පුලුවන් ඔබට පහසු විදියට අප භාවිතා කරන විවිද ගනුදෙනු වලට අදාල මූලාශ්‍ර ලේඛන හා  ඊට අදාළ මූලික පොත් පහත පිළිවෙලට තියෙනව.
  
මූලාශ්‍ර ලේඛනය                       මූලික පොත

1. ලදුපත
2.ගෙවීම් වව්චරය}                 -  මුදල් පොත

3.ගැනුම් ඉන්වොයිසිය            - ගැනුම් ජ'නලය

4.විකිණුම් ඉන්වොයිසිය         - විකිණුම් ජ'නලය

5. හරපත                                  - ආපසු යැවිම්                                                                           ජ'නලය

6.බැරපත                                   - ආපසු එවුම්                                                                           ජ'නලය

7.සුලු මුදල් වවුචරය                 - සුලු මුදල් පොත

8.ජ'නල් වව්චරය                       - පොදු ලෙජරය




3. වර්ග කිරීම


මේ විදියට අපි ඒ ඒ ගනුදෙනු ඒ ඒ මූලික පොත් වල සටහන් කිරීමෙන් පසුව එම ගනුදෙනු ලෙජරයේ අදාල ගිණුම් වලට පිටපත් කල යුතු වෙනව. එහිදී අපි මේ මුලික පොත් වල සටහන් කළ ගනුදෙනු වර්ග කිරීමක් සිදු වෙනව විවිධ ලෙජර් ගිණුම් විදියට
ප්‍රදාන වශයෙන් අපිට ලෙජර් ගිණුම් වර්ග 5ක් භාවිතා කරන්න සිදු වෙනව

1.වත්කම්
2.වගකීම්
3.ආදායම්
4.වියදම්
5.හිමිකම්

අපට පිළිබඳව ඉදිරියේදි වඩාත් හොඳින් අවබෝද කරගන්න පුලුවන්. දැනට ඔබට හැඳින්වීමක් පමනයි මෙම පාඩම යටතේ සිදුවන්නෙ... මෙහි රතු අකුරුන් දක්වලා තියෙන දේවල් මතක තබා ගැනීම වැදගත් වෙයි ඉදිරියට.
අපි නැවත ඉදිරි පාඩමකින් ගිණුම් කරන ක්‍රියාවලියේ ඉතිරි කොටස් කතා කරමු...




Wednesday, September 20, 2017

Introduction to accounting

ගිණුම්කරණය  හැඳින්වීම

ගිණුම් කරනය කියල කියන්නෙ මොකක්ද,,,, මේක තමයි අපි ගිණුම්කරණය ඉගෙන ගන්න යද්දි ඉස්සෙල්ලම ගුරුවරුන් කියල දෙන්නෙ...ඉතින් අපි බලමු,,,, 
"ගිණුම් කරනය යනු ඇල්මක් හා උනන්දුවක් දක්වන පාර්ශව වෙත ආර්ථිකමය තීරණ ගැනීම සඳහා අදාල ගිණුම්කරණ තොරතුරු හඳුනා ගැනීම වර්ග කිරීම සාරාංශ කිරීම හා සන්නිවේදනය  ඇතුලත් ක්‍රියාවලියක්.."
ඔන්න ඕක තමයි ගිණුම්කරණය හඳුන්වන්න තියෙන පහසුම විදිය....ගොඩක් දුරට කෙටි ප්‍රශ්න පත්‍රයේ පලවෙනි ප්‍රශ්නය වෙන්නෙත් ඕක...එතකොට ඉතින්
ඕක ඔලුවෙ තියාගෙම ගිහින් ඉර ගහන්න හරි එකටම... ගිණුම්කරණයේ අරමුනත් ඕකම තමයි

ගිණුම්කරණ තොරතුරු

ගිණුම්කරණ තොරතුරු කියන්නෙ ගිණුම්කරණ සඳහා ඇතුලත් කරගන්න පුලුවන් තොරතුරු වලට....  ඉතින් යම් තොරතුරක් ගිණුම්කරණ තොරතුරක් වෙන්න නම් අනිවාරෙන්ම ඒකට මූල්‍යමය වටිනාකමක් තියෙන්න ඕන....නිශ්චිතවම සිදුවෙන්න ඕනෙ....  උදාහරනය විදියට
  1. 07/6 අමල් විසින් 20,000ක භාන්ඩ තොගයක් මිලට ගත්තා....
  2. 2/07  නිමල් විසින් ව්‍යාපාරය සඳහා  රු 200000ක රථයල් මිලය ගත්තා...

බලන්න මේ දෙකේම මූල්‍යමය වටිනා කමක් තියෙනව,, ඒ වගේම නිශ්චිතව සිදුවෙලා තියෙනව...ඉතින් මේව ගිණුම්කරණ  තොරතුරු විදියට ගන්න පුලුවන...

බලන්න මේ ටික
  1. අමල්ගේ ව්‍යාපාරයේ සේවකයන් 20ක් ඇත...
  2.  කමල්ගේ ව්‍යාපාරයේ දක්ශ කළමනාකරනයක් ඇත...
  3. සංජීවගේ ආයතයනයේ සුන්දර ගැහැනු ලමයින් සේවය කරයි... 
මේවත් ඇත්තටම තොරතුරු නේද.... හැබැයි ගිණුම්කරණ තොරතුරු නෙමෙයි... හේතුව උඩ කිව්ව විදියේ ලක්ශන මේවාට නැති නිසා


ඒ වගේම මෙහෙම එකක් තියෙන්ව...මේක ගොඩක්  කෙටි ප්‍රශ්න වලට අහනව...සඵලදායි ගිණුම් කරන තොරතුරක තිබිය යුතු ගුණාත්මක ලක්ෂන කවරේද.....
මෙන්න මේව

  1. අදාල බව
  2. විශ්වසනීය භව
  3. සැසඳිය හැකිය බව
මේකෙන් පලවෙනි දෙක තමයි දැන් ගොඩ දුරට භාවිතා වෙන්නෙ... 


කළමනාකරණ ගිණුම්කරණය හා මුල්‍යය ගිණුම්කරණය

  ගොඩක් දුරට විභායගට අහනව...ඒ නිසා හොඳට මතක තියාගන්න..මේ ලක්ශන ටික මතක තියාගත්ත නම් හොඳටම ඇති..

මූල්‍යමය ගිණුම්කරණය

  1.  අතීත තොරතුරු පමණක් යොදාගනී
  2. අභ්‍යන්තර හා බාහිර පාර්ශව වෙත තොරතුරු සපයයි
  3. නිශ්චිත කාලසීමාවක් සඳහා තොරතුරු සපයයයි
  4. ගිණුම්කරණ සංකල්ප,නීති රීති අදාල වේ...

කළමනාකරණ ගිණුම්කරණය 

  1.  අතීත හා අයවැය හත තොරතුරු පදනම් කරගනියි
  2. අභ්‍යන්තර පාර්ශව වෙත පමණක් තොරතුරු සපයයි
  3. කළමනාකරණයේ අවශ්‍යතාවය මත පිළියෙල කරයි
  4. ගිණුම්කරණ නීති රෙගුලාසි අදාල නොවේ...

මේක වගුවක් විදියට තමයි මේ දෙකේ වෙනස්  කම් ලියන්න දුන්නොත් ලියන්න ඕනෙ...
හරි..දැනට ඔයාලට මේ පාඩමෙන් මේ ඇති....පාසලේ පන්තියේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති..ඒත් ඇත්තටම විභාගයට අදාල මෙච්චරයි..ඒ නිසා ඔන්න කෙටියෙන්ම සරලව ඕන ටික මෙතන තියෙනව...ඊළඟ පාඩමෙන්  හමුවෙමු...ඕනෑම ගිණුම්කරණය සම්බන්ද ප්‍රශ්නයක් වෙතොත් පහලින් කමෙන්ට් කරන්න....
මේ ටිකෙනුත් ඔයාලට විභායට ලකුනු 6ක් වගෙව් ප්‍රමාණයක් ගන්න පුලුවන්.... ඔයාලට පහලින් ඔන්න  විභාගයට එන්න පුලුවන් විදියෙ කීපයක් දාගෙන යන්නම්

1) ගිණුම් කරනයේ අරමුණ
a) තීරන ගන්නා පාර්ශව වෙත තොරතුරු සැපයීමයි
b)තීරන ගන්නා පාර්ශව වෙත ප්‍රමාණාත්මක        තොරතුරු සැපයීමයි
C) තීරන ගන්නා පාර්ශව වෙත මූල්‍යමය තොරතුරු    සැපයීමයි
d)තීරණ ගන්නා පාර්ශව වෙත  ගුණාත්මක තොරතුරු සැපයීමයි



2)  ගිණුම්කරණ තොරතුරක තිබිය යුතු ගුණාත්මක ලක්ෂන 2 සඳහන් කරන්න
i............................     ii ...............................

3) ගිණුම්කරණ හා ගිණුම්කරණ නොවන තොරතුරු සඳහා උදාහරන දෙක බැගින් දෙන්න

4) කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍යය ගිණුම්කරණය සසදන්න..